
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලා පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.
කෙසේවෙතත් එම නිවාඩුව ආවරණය කිරීම සඳහා මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්විය යුතුය.
එමෙන්ම මෙම පළාත් දෙකෙහි පිහිටා ඇති සිංහල මාධ්‍ය පාසල් සහ මුස්ලිම් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.
මීට පෙර දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කළ බවට ප්‍රකාශ කෙරිණි.
ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවය.
















































