
දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු පළාත, නුවරඑළිය දිස්ත්රික්කය තුළ මෙලෙස මත්පැන් අලෙවි සැල් වසා තැබීමටය.
එමෙන්ම මහිංයගනය හා රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාස හැර බදුල්ල දිස්ත්රික්කයේ අනෙකුත් ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සුරාසැල්ද හෙට දිනයේදී වසා තැබීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඉහත සඳහන් ප්රදේශවල මත්පැන් විකිණීමට කටයුතු නොකරන හෝ බලපත්ර කොන්දේසි කඩ කරන යම් සුරාබදු අලෙවි සැලක් වෙතොත් ඒ සම්බන්ධව නීතිය දැඩිව කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එමෙන්ම මෙම නියෝග කඩ කරමින් කටයුතු කරන අයෙකු වෙතොත් 1913 හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දෙන ලෙසද සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.















































