
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නාවිකයින් සඳහා පවත්වනු ලබන සෙවීමේ හා මුදාගැනීමේ පුහුණු වැඩසටහනේ පස්වන අදියර 2026 නොවැම්බර් මස 02 වන දින සිට 05 වන දින දක්වා කිරින්ද ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වා තිබේ.
ජපාන වෙරළාරක්ෂක බලකායේ ජංගම සහයෝගිතා කණ්ඩායම විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවන ලදී.
සමුද්‍රිය සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමේදී වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, ප්‍රායෝගික කුසලතා සහ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව සඳහන්ය.
ඒ අනුව, මුහුදේදී සිදුවන හදිසි ආපදා තත්ත්වයන්ට ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීම, මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සහ අනතුරට පත්වන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂිත දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සිදු කෙරිණි.
මෙම පුහුණු අදියර සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඒ පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් 2026 නොවැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පවත්වා ඇත.
ඊට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිලධාරීන්, ජපාන වෙරළාරක්ෂක බලකායේ ජංගම සහයෝගිතා කණ්ඩායමේ නියෝජිතයන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.
එහිදී නිමාවට පත් වූ පුහුණු අදියරේ ප්‍රගතිය සහ ප්‍රතිඵල සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරියේදී මෙම පුහුණු වැඩ සටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් හා විධිවිධාන පිළිබඳව ද සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිලධාරීන්, ජපාන වෙරළාරක්ෂක බලකායේ ජංගම සහයෝගිතා කණ්ඩායමේ නියෝජිතයන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.
එහිදී නිමාවට පත් වූ පුහුණු අදියරේ ප්‍රගතිය සහ ප්‍රතිඵල සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරියේදී මෙම පුහුණු වැඩ සටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් හා විධිවිධාන පිළිබඳව ද සාකච්ඡා කළ බව සඳහන්ය.
ජපාන වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර JICA ආයතනයේ සහයෝගය මත ක්‍රියාත්මක වන මෙම සහයෝගිතා වැඩසටහන, සමුද්‍රිය ආරක්ෂාව තහවුරු කිරීම සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් සපයයි.
පුහුණු වැඩසටහනේ පස්වන අදියර සාර්ථකව නිමා කිරීම සහ ඉදිරි පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම පිළිබඳව පැවති සාකච්ඡා තුළින් දෙපාර්ශ්වය අතර පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ සමුද්‍රිය සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තිරසාර වෘත්තීය ධාරිතාවක් ගොඩනැගීම අපේක්ෂා කෙරේ.















































