header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානයක්
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානයක්
Mobitel 1278

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම සඳහා මහරගම අපේක්ෂා රෝහලවිකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ පසු විපරම් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අපේක්ෂා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විකිරණ ප්‍රතිකාර සේවාවන්හි පවතින අවශ්‍යතා හඳුනාගෙන, ප්‍රතිකාර ධාරිතාව ඉහළ නැංවීම සහ රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පවතින පොරොත්තු කාලය අවම කිරීම මෙහිදී ප්‍රමුඛ අවධානයට ලක්විය.

මීට පෙර පැවැති කළමනාකරණ සමාලෝචන රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක්කර තිබේ.

විකිරණ ප්‍රතිකාර සේවාවන් පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නව රේඛීය ත්වරණක යන්ත්‍ර (LINAC) ලබාගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එම යන්ත්‍ර මගින් වැඩි රෝගීන් පිරිසකට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පුළුල් කිරීම සහ දැනට පවතින සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම විකිරණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් කිරීමේදී භාවිත කරන CT Simulator පහසුකම් විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම, වෛද්‍ය උපකරණ නඩත්තු කිරීම සහ අවශ්‍ය තාක්ෂණික පහසුකම් සම්පූර්ණ කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.

විකිරණ ප්‍රතිකාර සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, විකිරණ චිකිත්සක තාක්ෂණවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයන් ඇතුළු තාක්ෂණික හා සහායක කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා ද සමාලෝචනය කර ඇත.

පවතින සේවා අවශ්‍යතා හා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීම සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

මීට අමතරව, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) තාක්ෂණික සහාය ඇතිව රෝහල සඳහා නව ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ ප්‍රගතිය ද සමාලෝචනයට ලක්විය.

රෝහල් පරිශ්‍රයේ පවතින ඉඩකඩ උපරිම ඵලදායීතාවයකින් යොදාගනිමින්, ඉදිරි ප්‍රතිකාර අවශ්‍යතා හා තාක්ෂණික සංවර්ධනයට ගැළපෙන පරිදි යටිතල පහසුකම් සැලසුම් කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී ඇත.

රෝහලේ අනෙකුත් සායනික හා පරිපාලන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වායුසමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ නඩත්තුව, සේවා ඩිජිටල්කරණය, අන්තර්ජාල පහසුකම් සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සපයා දෙමින් හඳුනාගත් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහරගම ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සංකේතා ෆ්‍රැන්සිස් මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්