
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද(03) පෙ.ව.10.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වෙයි.
'මුරසු' සුළි කුණාටුව මේ වන විට ඉන්දියානු ගොඩබිමට ඇතුල්වී ඇති අතර තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙය අද දින පෙ.ව. 11.30 වන විට සාමාන්‍ය ' සුළි කුණාටුවක් දක්වාත්, ප.ව.11.30 වන විට 'ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව නිවේදනවේ සඳහන් වෙයි.
සිතියමේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 65-75ක් දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර මෙය සුළිකුණාටුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද අවසාන නිවේදනය බව සඳහන් වෙයි.



















































