
1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.
කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ අපේක්ෂාව වී ඇත.




















































