header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන බිමල්ගේ ප්‍රකාශයට අජිත්ගෙන් පිළිතුරු
කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන බිමල්ගේ ප්‍රකාශයට අජිත්ගෙන් පිළිතුරු
Mobitel 1278

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු ඉවත් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව එළැඹෙන 03 වැනි දින විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති චෝදනා 50 බරපතළ බවත් එය පසුගිය 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

පසුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය මෙම විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහීමකට පත්වී න්‍යාය පුස්තකයට ඇතුළත් කර ප්‍රකාශයට පත් කළ බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු යෝජනා කිසිවක් ඉවත් කළ නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉවත් කිරීමට අවශ්‍ය වේ නම් එය සියලු මන්ත්‍රීවරු විසින් ඉල්ලා අස්කරගත යුතු බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් එය ඉවත් කළ යුතු බවත්ය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා,

"මේ කථානායකවරයාට ඉදිරිපත් කරලා තිබෙන චෝදනා 50ම ඉතාම බරපතළයි. එක පැත්තකින් දූෂණය, එක පැත්තකින් කාර්ය පටිපාටික දෝෂ, එක පැත්කින් අසාධාරණ පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහි අයුක්ති සහගත හැසිරීම යන මේ සියල්ලම මේ චෝදනා 50ට අන්තර්ගතවෙලා තියෙනවා. මේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට අපි 12 වැනිදා ඉදිරිපත් කළාම පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් මේ විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව, එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහිමකට පත්වෙලා න්‍යාය පුස්තකයෙන් මෙය පළ කරලා ප්‍රකාශයට පත් කළා. එතකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙන කිසිම යෝජනාවක් නැවත ඉවත් කර ගැනීමට හැකියාවක් නෑ එය සියලු මන්ත්‍රීවරු විසින් ඉල්ලා අස්කරගත හොත් හෝ පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් කළොත් ඇරෙන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු බහුතරයක් ආණ්ඩුවට ඕන විදිහට තිබ්බාට ආණ්ඩුවට ඕනේ විදිහට බාරගත්ත යෝජනා ප්‍රතික්ෂේප කරන්න බෑ. න්‍යාය පුස්තකයට දැම්මා කියන්නේ ඒක දැම්මාමයි ඒක ආපහු හරවන්න බෑ...

මොන හේතු මතද මේ විරෝධය ආණ්ඩුවෙන් අරන් එන්නේ. කාටත් පැහැදිලියි කථානායකවරයාට තියෙන මේ යෝජනා එක පැත්තකින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශය මගින් විදිමත් පරීක්ෂණයක් ආරම්භ කරලා ගැඹුරින් මේ පරීක්ෂණය කරගෙන යනවා. කථානායක විසින්ම කරපු නියෝගයක් මත පාර්ලිමේන්තුවේ නිලධාරීන්ම මේ ගැන පරීක්ෂණ කරලා මේ චෝදනා 50න් චෝදනා 30ක් විතර ප්‍රමාණයකට සාක්ෂි හොයාගෙන තියෙනවා, ඒ පිළිබඳ වාර්තා පාර්ලිමේන්තුවට භාර දීලා තියෙනවා, ඒවා ලිඛිත සාක්ෂි බවට පත්වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ කථානායකගේ නිර්දෝශීභාවය පිළිබඳව කතා කරන්න, ඉදිරිපත් වෙන්න සභානායක හැර වෙන කිසි කෙනෙක් නෑ. සභානයකත් මේ චෝදනාවලට කථානායක නිර්දෝශීබව හෝ මේ චෝදනා වැරදිබව කියන්නේ නෑ. කථානායක කියන්නේ මේ චෝදනාවල අසභ්‍ය කරුණු අන්තර්ගතයි කියලා. ඒ විතරක් නෙමෙයි බලය අයුතු ලෙස භාවිතා කිරීම, අසාධාරණ ලෙස කටයුතු කිරීම, පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොතැකීම, ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීම ගැන ඉතාම විස්තරාත්මක ගැන ඉතාම විදිමත් චෝදනා අපි විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

එතකොට මෙවැනි වෙලාවක යම් සැකයක් මතුවුණොත් නීතිමය කාරණා ගැන සම්ප්‍රදාය මොකක්ද? රටේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම. මීට කලින් අපි අවස්ථා කිහිපයකම පාර්ලිමේන්තුව නීතිපතිවරයාගෙන් යම් යම් කාරණා පිළිබඳව නීතියට අදාළව උපදෙස් ලබාගෙන තියෙනවා. මේ 10 වන පාර්ලිමේන්තුවෙන් අපි එහෙම උපදෙස් ලබා ගත්තා... අද වෙනකන් නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසලා නෑ."

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ