
කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම අගය පසුගිය සැප්තැම්බර් මාසයේදී 8.0%ක් ලෙස සටහන් විය.
2026 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.8% දක්වා ඉහළ ගොස් ඇති අතර 2026 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 8.7% ක් ලෙසය.
එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 8.0 % ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී එය 7.7%ක් ලෙස වාර්තා විය.



















































