
තායිවාන ජනතාවගෙන් හතරෙන් තුනකට ආසන්න ප්රමාණයක් චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) කෙරෙහි දක්වන්නේ සෘණාත්මක ආකල්පයක් බව මත විමසුමකින් අනාවරණය වී ඇති බව තායිවාන මාධ්ය වාර්තා කරයි.
චීන ජාතිකවාදී පක්ෂයේ ආධාරකරුවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් ද ඊට ඇතුළත් වන බවත් මෙලෙස විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ මත විමසුම් විශේෂඥ තායි ලි-අන්ගේ වාර්තාවක් පදනම් කරගනිමිනි.
2015 වසරේ සිට තායි විසින් සිදු කරනු ලබන මාසික මත විමසුම් සමීක්ෂණයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි අකමැත්තක් දක්වන තායිවාන ජන ප්රතිශතය අඛණ්ඩව සියයට 60 ත් 70 ත් අතර ඉහළ මට්ටමක පවතින බව එහි සඳහන්ය.
මෙම මාසයේ සමීක්ෂණයට අනුව 73.5% ක පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි සෘණාත්මක ආකල්ප දක්වන අතර, එය පසුගිය මාසයට සාපේක්ෂව වෙනස් වී නොමැත.
පක්ෂය කෙරෙහි සුභවාදී ආකල්ප දක්වන්නේ 8.9% ක පිරිසක් පමණක් වන අතර එය පසුගිය මාසයට වඩා සියයට 1.4 ක සුළු වර්ධනයකි.
දේශපාලනිකව මධ්යස්ථ මත දරන පිරිස අතුරින් චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි සුභවාදී ආකල්ප දක්වන්නේ 3.1% ක සුළු පිරිසක් වන අතර, 62.5% ක්ම ඊට සෘණාත්මක ආකල්ප දක්වන බව මෙම මත විමසුමෙන් වැඩිදුරටත් අනාවරණයවී තිබේ.



















































