header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නීතියට පිටින් මෙරට තුළ විදේශිකයන් සිදුකරන ව්‍යාපාර නියාමනය කිරීමට රජය සැරසෙයි
නීතියට පිටින් මෙරට තුළ විදේශිකයන් සිදුකරන ව්‍යාපාර නියාමනය කිරීමට රජය සැරසෙයි
Mobitel 1278

නියමිත නිත්‍යානුකූල ක්‍රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමුව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් අතර අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන් වේ.

මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්‍රදේශ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.

එමෙන්ම, නව ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 10ක් මේ වසරේදී ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්‍යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

සංචාරක ආකාර්ෂණය දිනා ගත් වනඋද්‍යාන සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම මෙන්ම වන සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී විමසා බලා තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana