
2026 ආරක්ෂක සේවා Hand Ball තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.
Hand Ball ක්රීඩාව ආරක්ෂක සේවා ක්රීඩා උළෙලට එක්කළ දා සිට මේ දක්වා පැවැති සෑම ආරක්ෂක සේවා තරගාවලියකදීම අපරාජිතව ශූරතාව දිනා ගැනීමට සමත් වූ ගුවන් හමුදා ක්රීඩිකාවන්, මෙවරත් එම අපරාජිත වාර්තාව තහවුරු කරමින් අඛණ්ඩව 7 වැනි වතාවටත් මෙම කීර්තිමත් ශූරතාවට හිමිකම් කියයි.
තරගාවලියේ කුසලාන සහ සහතිකපත් ප්රදානෝත්සවය පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩා සංකීරණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට යුද හමුදා Hand Ball කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රොහාන් මැදගොඩ මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වී සිටියේය.
මීට අමතරව, එයාර් කොමඩෝර් උදිත පියසේන, ශ්රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කමිටුවේ සභාපති එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි යන මහත්වරුන් ඇතුළු ත්රිවිධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ ක්රීඩක ක්රීඩිකාවන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.



















































