
ත්රිකුණාමලය - මඩකලපුව ප්රධාන මාර්ගයේ, ඊචිලම්පත්තු පොලිස් වසමට අයත් පූනගර් ප්රදේශයේදී සිදු වූ මෝටර් රථ-යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ තරුණයින් දෙදෙනා මූදූර් රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ එක් තරුණයෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
ඊයේ(27) රාත්රියේ සිදුවූ අනතුරින් මෙලෙස බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ පූනගර් ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.
මේ අතර, අනතුරට ලක්වූ මෝටර් රථය සහ යතුරුපැදිය ඊචිලම්පත්තු පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඊචිලම්පත්තු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



















































