
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් නිවේදනය අද (28) පස්වරු 16:00 සිට හෙට (29) පස්වරු 16:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
මට්ටම 2 - අවධානම් (ඇම්බර්)
පහත ප්රදේශවල පදිංචි ජනතාවට වැඩි අවධානයකින් පසුවන ලෙස දන්වා ඇත.
ගම්පහ දිස්ත්රික්කය: අත්තනගල්ල
කළුතර දිස්ත්රික්කය: බුලත්සිංහල සහ දොඩංගොඩ
කෑගල්ල දිස්ත්රික්කය: මාවනැල්ල සහ අරණායක
නුවරඑළිය දිස්ත්රික්කය: නෝර්වුඩ් සහ අඹගමුව කෝරළය
රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, ඕපනායක, කුරුවිට, අයගම, ඇළපාත සහ පැල්මඩුල්ල
මට්ටම 1 - සැලකිලිමත් වන්න (කහ)
පහත ප්රදේශ සඳහා විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත.
කොළඹ දිස්ත්රික්කය: සීතාවක සහ පාදුක්ක
ගාල්ල දිස්ත්රික්කය: නෙළුව, එල්පිටිය, තවලම, නියාගම සහ කරන්දෙණිය
කළුතර දිස්ත්රික්කය: බේරුවල, මිල්ලනීය, අගලවත්ත, මදුරාවල, හොරණ, වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම සහ ඉංගිරිය
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, යටිනුවර, පස්බාගේ කෝරළය, උඩුනුවර සහ ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්රික්කය: ගලිගමුව, වරකාපොළ , රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ දැරණියගල
කුරුණෑගල දිස්ත්රික්කය: කුරුණෑගල
මාතර දිස්ත්රික්කය: කොටපොළ සහ පිටබැද්දර
නුවරඑළිය දිස්ත්රික්කය: කොත්මලේ බටහිර සහ කොත්මලේ නැඟෙනහිර
රත්නපුර දිස්ත්රික්කය: කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැළියගොඩ සහ බලංගොඩ
අයහපත් කාලගුණ තත්ත්වය අඛණ්ඩව පවතින බැවින්, නායයෑම් අවදානම් සහිත ප්රදේශවල ජීවත් වන ජනතාව අදාළ අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පස් කඩා වැටීම්, ගල් පෙරළීම් හෝ අසාමාන්ය ජල ගැලීම් ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.



















































