
අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනූෂා ලක්මාලි නොහොත් අචිනි නම් කාන්තාව එළැඹෙන නොවැම්බර් 04වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඇය ඊයේ (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ඇයව ඩුබායි රාජ්යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවය.
අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා හා ඔහුගේ දරු දෙදෙනා පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා වෙඩිතබා ඝාතනය කෙරුණි.



















































