
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව, විභාගය සඳහා නොවැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ පුහුණුවකට යැවීම තුළින් 'දූෂණය' නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.



















































