header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
සංචාරකයින්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන කැනඩාවේ භූත දූපත
සංචාරකයින්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන කැනඩාවේ භූත දූපත
Mobitel 1278

කලක් ලොව ප්‍රමුඛතම මත්ස්‍ය අපනයන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ කැනඩාවේ ලැබ්‍රඩෝර් වෙරළට ඔබ්බෙන් පිහිටි බැට්ල් හාබර් (Battle Harbour) දූපත අද වනවිට සංචාරකයින්ට අතීත ජීවන රටාව අත්විඳිය හැකි සුවිශේෂී ගමනාන්තයක් බවට පත්ව තිබේ.

ස්ථිර ජනාවාසයක් නොමැති මෙම දූපතේ මෝටර් රථ ධාවනය නොවන අතර, සාමාන්‍ය ජංගම දුරකථන සංඥා ද නොමැත.

කලක් ධීවරයන්ගෙන් සහ වෙළෙඳුන්ගෙන් පිරී පැවති මෙම කුඩා දූපතේ අද දක්නට ලැබෙන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි ලී ගොඩනැගිලි, මත්ස්‍ය සැකසුම් කටයුතු සිදුකළ ස්ථාන සහ ඓතිහාසික රැහැන් රහිත සන්නිවේදන කුලුනු ඇතුළු අතීත උරුමයන් රැසකි.

ජෙනිෆර් බේන් ලයිෆ්සයිස් කාඩ්බෝඩ් කටවුට් මගින් බැට්ල් හාබර්හි කාලය සමෘද්ධිමත් ධීවර වරායක් ලෙස ප්‍රතිනිර්මාණය කරයි (Credit: ජෙනිෆර් බේන්)

1770 දශකයේදී ඉංග්‍රීසි වෙළෙඳකරුවෙකු වූ ජෝන් ස්ලේඩ් විසින් මෙම දූපතේ වෙළෙඳ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

එහිදී අල්ලාගත් මසුන්ට ලුණු යොදා කල් තබාගත හැකි ආකාරයට සකස් කර යුරෝපය සහ කැරිබියානු කලාපය ඇතුළු විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කර ඇත.

දූපත සමෘද්ධිමත් අවධියේදී රෝහලක්, පාසලක්, පල්ලියක් සහ රැහැන් රහිත සන්නිවේදන මධ්‍යස්ථානයක් ද පැවති බව සඳහන් වේ. 

එම කාලයේදී පුද්ගලයන් 300ක පමණ පිරිසක් ස්ථිරව පදිංචිව සිට ඇති අතර, ධීවර කටයුතු සඳහා සෘතුමය වශයෙන් දහස් ගණනක් ද එහි පැමිණ තිබේ.

කෙසේ වෙතත්, කාලයත් සමඟ බැට්ල් හාබර් දූපතේ සමෘද්ධිය ක්‍රමයෙන් පිරිහීමට ලක්විය.

1930 වසරේදී ඇති වූ විනාශකාරී ගින්නක්, මත්ස්‍ය සම්පත අඩුවීම සහ 1960 දශකයේ ක්‍රියාත්මක වූ ජනතාව වෙනත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ වැඩසටහන් හේතුවෙන් දූපතේ ජනගහනය ක්‍රමයෙන් අඩුවී ගියේය. 

1970 දශකය වනවිට එහි වසර පුරා පදිංචිව සිටි අවසන් පිරිස ද දූපතෙන් ඉවත්ව ගොස් තිබේ.

1992 ජූලි 2 වැනිදා කැනඩා රජය විසින් කෝඩ් මසුන් ඇල්ලීම තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ එම ධීවර කර්මාන්තයට තවත් දැඩි බලපෑමක් එල්ල විය. 

එම තීරණය හේතුවෙන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝර් ප්‍රදේශවල පුද්ගලයන් 30,000කට පමණ රැකියා අහිමි වූ බව වාර්තාවල දැක්වේ.

මේ වනවිට දූපතේ පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීමේ කටයුතු Battle Harbour Historic Trust මඟින් සිදුකරනු ලබයි.

ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි වෙළෙඳ ගොඩනැගිල්ලක කාමර මෙන්ම පැරණි නිවාස නවීකරණය කර සකස් කළ කුටි ද සංචාරක නවාතැන් ලෙස භාවිත කෙරේ. 

ගිම්හාන සමයේදී පෞද්ගලික නිවාස 16ක් පමණ දූපතේ පවතින නමුත් වසර පුරා ජීවත් වන ස්ථිර ජනගහනයක් එහි නොමැත.

Battle Harbour Historic Trust Battle Harbour හි පෞද්ගලික ගිම්හාන නිවාස 16 ක් ඇති නමුත් ස්ථිර ජනගහනයක් නොමැත (Credit: Battle Harbour Historic Trust)

දූපතට පැමිණෙන සංචාරකයන්ට නවීන පහසුකම්වලින් පිරි පරිසරයකට වඩා වෙනස් අත්දැකීමක් හිමිවේ. 

එහි රූපවාහිනී පහසුකම් හෝ සාමාන්‍ය ජංගම දුරකථන සම්බන්ධතා නොමැති අතර, එක් ස්ථානයක පමණක් පොදු වයිෆයි පහසුකම් පවතී. 

හදිසි අවස්ථා සඳහා විශේෂ සන්නිවේදන උපකරණ ද සපයා තිබේ.

දූපතේ රාත්‍රිය ගත කරන සංචාරකයන්ට මුහුදු ආහාර ඇතුළු දේශීය ආහාර රසවිඳීමටත්, පැරණි සුසාන භූමි නැරඹීමටත්, ආක්ටික් හිවලුන් දැකගැනීමටත් අවස්ථාව හිමිවේ. 

එමෙන්ම දූපතේ ඓතිහාසික ගොඩනැගිලි සහ අතීත ධීවර කර්මාන්තය පිළිබඳ තොරතුරු ඇතුළත් මඟපෙන්වන සංචාර ද සංවිධානය කර තිබේ.

ජෙනිෆර් බේන් බැට්ල් හාබර් සිට කිති කැවෙන තැන් හරහා, ග්‍රේට් කැරිබෝ දූපත කඳු නැගීමේ මංපෙත් සහ පාෂාණමය ලැබ්‍රඩෝ වෙරළ තීරයේ මනරම් දසුන් ඉදිරිපත් කරයි (ණය: ජෙනිෆර් බේන්)

දූපතේ ඓතිහාසික ස්ථාන අතර 1906 වසරේ ඉදිකර පසුව 1931 වසරේදී නැවත ඉදිකරන ලද මාර්කෝනි රැහැන් රහිත සන්නිවේදන කුලුනු යුගලයට විශේෂ ස්ථානයක් හිමිවේ.

ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනිගේ රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ මෙම පද්ධතිය අතීතයේදී මුහුදු ගමන්වල නිරත වූ නාවිකයන්ට මඟපෙන්වීමට සහ පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කර තිබේ. 

උතුරු ඇමරිකාවේ තවමත් ඉතිරිව ඇති එම වර්ගයේ අවසන් කුලුනු යුගලය ලෙස මෙය සැලකෙන බව වාර්තාවල සඳහන් වේ.

ජෙනිෆර් බේන් බැට්ල් හාබර් හි ඓතිහාසික මාර්කෝනි ගුවන් විදුලි මධ්‍යස්ථානය දුරස්ථ ලැබ්‍රඩෝව පුළුල් ලෝකයට සම්බන්ධ කිරීමට උපකාරී විය (ණය: ජෙනිෆර් බේන්)

එම කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැනේඩියානු ඩොලර් 200,000ක මුදලක් රැස් කිරීමට අවශ්‍යව ඇති බව ද සඳහන් වේ.

බැට්ල් හාබර් දූපත සාමාන්‍යයෙන් ජුනි මාසයේ සිට සැප්තැම්බර් මුල දක්වා සංචාරකයන් සඳහා විවෘතව පවතී. 

එහි ළඟාවීම සඳහා පළමුව ගුවන් මඟින් කැනඩාවේ හැපි වැලි–ගූස් බේ (Happy Valley–Goose Bay) වෙත පැමිණ, අනතුරුව පැය පහක පමණ මාර්ග ගමනකින් මේරිස් හාබර් (Mary’s Harbour) වෙත ළඟා විය යුතුය. 

එතැන් සිට මිනිත්තු 60ත් 75ත් අතර කාලයක් ගතවන බෝට්ටු ගමනකින් දූපතට ළඟාවිය හැකිය.

පුද්ගලයන් දෙදෙනකු සඳහා රාත්‍රී දෙකක නවාතැන් පැකේජයක මිල කැනේඩියානු ඩොලර් 1,570ක පමණ මුදලකින් ආරම්භ වේ. 

එයට නවාතැන් පහසුකම්, බෝට්ටු ගමන්, ආහාර සහ ඓතිහාසික ස්ථාන වෙත සංචාරයක් ඇතුළත් වේ.

කලක් ධීවර කර්මාන්තය ඔස්සේ ලොව සමඟ සම්බන්ධ වූ බැට්ල් හාබර් දූපත අද වනවිට නවීන ලෝකයෙන් ඈත්ව පිහිටි ඓතිහාසික සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ. 

එහි පැරණි ගොඩනැගිලි, මුහුදු වෙරළ සහ නිහඬ පරිසරය තුළින් අතීතයේ ජීවන රටාව අත්විඳීමට සංචාරකයන්ට අදත් අවස්ථාව හිමිවේ.

ජෙනිෆර් බේන් අමුත්තන්ට පැරණි වෙළඳ ගොඩනැගිල්ල ඇතුළු ඓතිහාසික ව්‍යුහයන් තුළ රාත්‍රියක් රැඳී සිටිය හැකිය (Credit: Jennifer Bain)
ජෙනිෆර් බේන් දිවයිනේ ඇති පැරණි සුසාන භූමිය දෙකෙන් එකක් වන අතර එහි සියවස් ගණනක් පැරණි සොහොන් ඇත (Credit: Jennifer Bain)
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

Lassana Flora
Spotlight
 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි