
කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවලට අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව එම අනතුරු ඇඟවීම අද (24) පස්වරු 04.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා බලාත්මක වේ.
කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක සහ යටියන්තොට යන ප්රාදේශීය කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
එමෙන්ම නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්රාදේශීය කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්රාදේශීය කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.



















































