
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් සහ මධ්යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දැදුරඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
දැදුරුඔය ජලාශයේ අඩි දෙක බැගින් වාන්දොරටු දෙකක් ද අඩිය බැගින් වාන්දොරටු හතරක් ද විවෘත කර ඇති බව සඳහන්ය.
රාජාංගනය ජලාශයේ අඩි තුන බැගින් වාන්දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තව ද තුරුවිල වැව, අංගමුව, වෙනුරොව වැව යන මධ්යම පරිමාණයේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



















































