
මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සොයාගත් අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය බර කිලෝග්රෑම් 475ක් බව නාවික හමුදාව පවසයි.
ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්රව්ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්රව්ය තොගයෙහි අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 200කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 275 අධික තොගයක් ඇති බවට තහවුරු විය.
එම මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
මෙම මත්ද්රව්ය තොගය නිරික්ෂණය සඳහා නියෝජ්ය ආරක්ෂක අමාත්ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්රකාශ කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකඝ මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන 97ක දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවය.



















































