
චීනයේ නිෂ්පාදිත DeepSeek කෘත්රිම බුද්ධි මෘදුකාංගය සහ එම තාක්ෂණය භාවිතයෙන් සකස් කළ තෙවන පාර්ශ්වීය සේවාවන් අමෙරිකානු සිවිල් රාජ්ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිල වශයෙන් නියෝග කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, අමෙරිකානු සිවිල් රාජ්ය ආයතන මගින් මින් ඉදිරියට DeepSeek නිෂ්පාදන හෝ එම තාක්ෂණය භාවිතයෙන් සකස් කළ සේවාවන් මිලදී ගැනීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
DeepSeek තාක්ෂණය මගින් ආරක්ෂක තර්ජන රැසක් මතුවිය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව, අමෙරිකානු රාජ්ය නිලධාරීන් හෝ සැපයුම්කරුවන් මෙම මෘදුකාංග භාවිත කිරීම හරහා සංවේදී තොරතුරු චීනය වෙත ගලායාමේ අවදානමක් පවතින බවට කරුණු දක්වා තිබේ.
එමෙන්ම රාජ්ය ආයතන විසින් මෙම මෘදුකාංගය භාවිත කිරීම තුළින් අමෙරිකානු පුරවැසියන් සහ රාජ්ය ආයතන පිළිබඳ වැදගත් තොරතුරු පිටතට යාමේ ප්රවණතාවක් පවතින බවට ද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
තවද, මෙම කෘත්රිම බුද්ධි මෘදුකාංග තුළ හානිකර මෘදුකාංග හෝ වෙනත් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ දුර්වලතාවයන් පැවතිය හැකි බවට ද සැක කෙරෙයි.
මීට පෙර ද අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව ඇතුළු ආයතන කිහිපයක්ම රජයේ උපාංග තුළ මෙය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබූ අතර, නිව්යෝර්ක්, වර්ජිනියා වැනි ප්රාන්තවල ද මීට සමාන සීමා පනවා තිබුණි.



















































