
ඉදිරි වසර තුන ඇතුළත ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම අමෙරිකානු ඩොලර් බිලියන 240 ඉක්මවන වාර්තාගත අගයක සිට අමෙරිකානු ඩොලර් බිලියන 500 ඉක්මවන බවට එක්සත් ජනපදය ඉලක්කයක් තබා ඇති බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති Sergio Gor පවසා තිබේ.
මුම්බායි හිදී ව්යාපාරිකයින් සහ රාජ්ය තාන්ත්රිකයින් අමතමින් ඔහු වැඩිදුරටත්, දෙරට අතර ගැඹුරු වන ආර්ථික හා උපායමාර්ගික හවුල්කාරිත්වය ඉස්මතු කර ඇත.
මෑතකාලීන සාකච්ඡාවලදී, ජනාධිපති ට්රම්ප් සහ අගමැති මෝදි එම කැපවීම නැවත තහවුරු කළ බවද ඔහු එහිදී පෙන්වාදී තිබූ බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ඉදිරි ආර්ථික වර්ධනයන් තුළ අර්ධ සන්නායක, තීරණාත්මක ඛනිජ, බලශක්තිය, ආරක්ෂක සහ කෘත්රිම බුද්ධිය මෙන්ම ගැඹුරු මුහුදේ යටිතල පහසුකම්වල සිට අභ්යවකාශය දක්වා විහිදෙන බවද ඉන්දියාවේ අමෙරිකානු තානාපති පවසා ඇත.


















































