
පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, හිටපු අමාත්ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන අය අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් කොටුව මහේස්ත්රාත්වරයා අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම සම්බන්ධයෙන් වූ නඩුව අද යළි කැඳවනු ලැබීය.
ඒ අනුව නම්කරන ලද පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කරුණු දැක්වීමට මෙම නඩුව නොවැම්බර් 11,12 සහ 13 යන දිනවල කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.


















































