header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂ ලබන 06 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් - නඩු විභාගයේ සම්පූර්ණ විස්තරය
ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂ ලබන 06 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් - නඩු විභාගයේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනුකර තිබූ ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එළැඹෙන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහි නීති කෘත්‍යය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(23) යළි කැඳවිණි.

එහිදී රක්ෂිත බන්ධනාගාරගකර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ සැකකාර ජානකී සිරිවර්ධනව බන්ධනාගාර නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමේ නියෝගය මෙහිදි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට කර සිටියේය.

"සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ ඇප අයැදුමේ ඔහු වෙනුවෙන් ගෙන තිබූ ප්‍රධාන ස්ථාවරය තමයි ඔහු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොනුකර තිබූ දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාර සහතිකය වලංගු නැහැ කියන කාරණය. නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව අධිකරණය එම සහතිකය පිළිගන්නා තත්ත්වයක සැකකරු සම්බන්ධයෙන් ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි. නමුත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ බොහෝ කරුණු නෛතික ස්ථාවරයන් මිස ඇප ලබාදීමට සුවිශේෂි කරුණු නොවේ. එබැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා."

අනතුරුව විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් නඩුවේ පස්වන සැකකාරිය ලෙස ප්‍රශ්නගත ගනුදෙනුව වන අවස්ථාවේ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ අශ්චර්යා සෝනි යන අයවද නම්කරන බව අධිකරණයට දැනුම්දුන්නේය.

"ස්වාමිනි, ප්‍රශ්නගත රුපියල් මිලියන 70ක අල්ලස් ලබාදීම සිදුව ඇත්තේ අවස්ථා 03කදී. එම අවස්ථාවන්හීදි මෙම සැකකාරියත් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක්ව සිට තිබෙනවා. වැඩිදුර විමර්ශනයේදී බැංකු වාර්තා කිහිපයක් ඔස්සේ ඒ පිළිබඳ අනාවරණය වුණා. මීට අමරතව ක්‍රිෂ් සමාගමේ එවකට සේවකයින් කිහිපදෙනෙකුගෙන්ද අප ප්‍රකාශ සටහන්කර ගත්තා. මීට පෙර ඉතා බියකින් කරුණු ඉදිරිපත් කිරීමට සහ ප්‍රකාශ ලබාදීමට මැලිවූ සාක්ෂිකරුවන් දැන් මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා බියකින් තොරව දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාදී තිබෙනවා වගේම ලේඛන කිහිපයක්ද විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබෙනවා. මේ වෙද්දි ප්‍රශ්නගත ක්‍රිෂ් සමාගම ඈවර කරලා තිබෙන්නේ. මේ අල්ලස් මුදල ලබාගත් බව කියන සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු මොහු මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමටද අපි බලාපොරොත්තුවෙනවා."

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කෙටි කරුණු දැක්වීමක් සිදුකළේය.

"ස්වාමිනි මෙය අසාධාරණයි. සමහරුන්ට අල්ලස් කොමිසම කෙලින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරනවා. සමහරුන්ට දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ගොනුකරලා රිමාන්ඩ් කරනවා. මෙය දේශපාලනික අරමුණකින් සිදුවෙන ක්‍රියාවලියක් ස්වාමිනි."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නීති කෘත්‍යය නොවැම්බර් 06 වනදා යළි කැඳවීමට දින නියම කරමින් එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි