
2026 වසරේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්රකාශය පත් කර තිබේ.
ඒ අනුව එම විභාග කටයුතු ලබන 27 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද යොමු කර ඇති බව සඳහන්ය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීම මගින් ද ප්රවේශ පත්ර බාගත කරගත හැකිය.
අපරදිග සංගීත විෂයයෙහි ශ්රවණ පරීක්ෂණය නොවැම්බර් මස 01 වැනිදා එම විෂයෙහි ප්රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්යස්ථානවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


















































