
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 'ගමින් ගමට' කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී. චානක හා පාර්ලිමේන්ති මන්ත්රී චානක මාදුගොඩ සමග අද (21) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්රකාශ කර ඇත.
ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත්, ඔවුන් මර්දනය තුළින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
එම නිසා ගමින් ගමට ගොස් වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කරන බව මන්ත්රීවරයා මෙහිදී පැවසීය.
ආසන සංවිධායකවරුන් ගමින් ගමට ගොස් රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ වනවිට උද්ධමනය 8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.


















































