
රුපියල් 46,460,000ක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළින් පිටකර යවමින් සිටියදී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (21) අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි මියන්මාර ජාතිකයෙකු වන අතර, ඔහු එරට කම්කරු වෘත්තීයේ නියැලී සිටින්නෙකි.
මෙම සැකකරු අද අලුයම 01.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදිපිළි, රසකැවිළි සහ ආහාර අතර කුෂ් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 04යි ග්රෑම් 646ක ප්රමාණයක් පැකැට් 03ක් තුළ අසුරා සඟවා රැගෙන විත් තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්රව්ය තොගය අද දින මීගමුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රඳවා තබා ගෙන ප්රශ්න කිරීම සඳහා කොළඹ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාරදීමට නියමිතය.



















































