header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු
ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු
Mobitel 1278

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කළේය.

අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියම කළේය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත්, නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.
 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana