
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්ය හෙළිදරව් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා යෝජනාවක් කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය සූදානම් වෙයි.
ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් අද (21) අදාළ යෝජනාවට අත්සන් තබා තිබේ.
රටේ ජාතික ස්වභාවික උරුමයක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්ය අනාවරණය කර ගැනීම, සිද්ධියට අදාළ සියලු පාර්ශ්වයන් සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න තහවුරු කර ගැනීම සහ ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මෙම යෝජනාවේ අරමුණ බව සඳහන් වේ.



















































