
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර, සුගීෂ්වර බණ්ඩාර මහතාගේ නඩුව වෙනත් අධිකරණයට මාරුකර යැවීමේ අවශ්යතාවයක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇති බව අද (21) කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා අදාළ නියෝගය කියවා දෙමින් දන්වා සිටියේය.
බිරිඳගේ ගිණුම සහ තවත් ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලබාදෙන ලෙසට අදාළ බැංකු ප්රධානීන්ට නියෝග කර ඊට අදාළ විමර්ශන කර අධිකරණයට වාර්තා කැඳවන ලෙසත් මහෙස්ත්රාත්වරයා එහිදි නියෝග කළේය.
ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 28 වනදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



















































