
කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණයට සැබෑ හේතුව රජය විසින් ජනතාවට ප්රකාශ කළ යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ, ඇතාගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබමිනි.
කාවන්තිස්ස ඇතුගේ අවසන් දින කිහිපය සහ ඇතුට ලබාදුන් ප්රතිකාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
"අපගේ අභිමානය. අපගේ ආදරය. ජාතියේ මහා ඇත් රජු කාවන්තිස්සට සුබ ගමන්!
කාවන්තිස්ස ඇතුගේ අවසන් දින කිහිපය සහ ඇතුට ලැබුණු ප්රථිකාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරමින්, ඇත් රජු මිය යාමට සැබෑ හේතුව පිළිබඳව රජය විසින් ජනතාවට පිළිතුරු ලබා දිය යුතුව තිබේ."



















































