
කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති පස් කන්දෙන් අද (17) අලුයම යළිත් විශාල වශයෙන් දුම්රිය මාර්ගය වෙත පස් සෝදාගෙන විත් තිබේ.
මේ හේතුවෙන් පොල්ගහවෙළ සිට ගම්පොළ බලා ධාවනයවන දුම්රිය හා ගම්පොළ හා කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රියන් ගමන් ආරම්භ කිරීම ප්රමාදවනු ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ස්ථානයේ විශාල වශයෙන් පස් ඉවත් කිරීමක් සිදුකළද තවමත් දුම්රිය මාර්ගයට වැටි ඇති පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් තිබේ.



















































