
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සැකකරුවන් 299,775 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අද (16) නිකුත් කළ වාර්තාවට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.
දිවයින පුරා මත්ද්රව්ය සැපයුම අඩපණ කිරීම, ඉල්ලුම අවම කිරීම සහ මත්ද්රව්යවලට එරෙහිව ජනතාව බලගැන්වීමේ අරමුණින් මෙම ජාතික මෙහෙයුම ක්රියාත්මක කෙරේ.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ වැටලීම් 300,569ක් සිදුකර තිබේ.
එහිදී හෙරොයින් කිලෝග්රෑම් 2,483කට අධික ප්රමාණයක් සහ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 3,299කට අධික ප්රමාණයක් සොයාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම කොකේන් කිලෝග්රෑම් 296කට අධික ප්රමාණයක්, ගංජා කිලෝග්රෑම් 11,139කට අධික ප්රමාණයක්, කුෂ් කිලෝග්රෑම් 1,723කට අධික ප්රමාණයක් සහ හෂීෂ් කිලෝග්රෑම් 416කට අධික ප්රමාණයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
මීට අමතරව මත්පෙති 4,524,927ක්, මදනමෝදක කිලෝග්රෑම් 1,276කට අධික ප්රමාණයක් සහ මාවා කිලෝග්රෑම් 515කට අධික ප්රමාණයක් ද සොයාගෙන ඇත.
මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 3,730 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන ඇති අතර, සැකකරුවන් 449 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
එමෙන්ම මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2,577 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කර සිටී.
මත්ද්රව්ය ජාවාරම සහ ව්යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණින් “රටම එකට” ජාතික මෙහෙයුම දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්මක කෙරෙන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



















































