header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවූ නඩු විභාගයේ සම්පූර්ණ විස්තරය
ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවූ නඩු විභාගයේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

සිරිලිය සවිය ගිණුමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප මත මුදාහැර තිබේ.

ඒ ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍යවරු ලබාදුන් වාර්තාව සුවිශේෂී කරුණක් ලෙස සලකා බැලීමෙන් අනතුරුවය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (16) යළි කැඳවන ලදී.

එහිදී කොළඹ ජාතික රෝහල ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එය පිරික්සූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවය.

මෙම සැකකාරිය "බයිපාස්"  සැත්කමකට ලක්කළ යුතු බව එම වෛද්‍ය වාර්තාවෙන් දන්වා ඇති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කෙරුණි.

පසුව පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමකට අනුව එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණය අවසර ලබාදෙන ලදී.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී සඳහන් කළේ, සැකකාරියගේ වම් කිරීටක ධමනිය සියයට 80 සිට 90 දක්වා අවහිර වීම් දක්නට ඇති බවය.

"ස්වාමීනී.. මෙම වෛද්‍ය වාර්තාව තුළ දක්වා තිබෙනවා සැකකාරියගේ වම් කිරීටක ධමනිය සියයට 80 සිට 90 දක්වා අවහිර වීම් දක්නට ඇති බව. ඇය ඉක්මනින්ම  බයිපාස් සැත්කමකට ලක්කළ යුතු බව. ඇගේ ධමනිවල බරපතළ රෝගී තත්ත්වයක් තිබෙන බව මෙහිදී පෙනී යනවා. ඒ නිසා ඇය අධිකරණයට ඉදිරිපත් කිරීම නුසුදුසු බවයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අනුව ඇයට පවතින බරපතළ හෘද රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප නියමකරන මෙන් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

ඉන් පසු අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මේ වනවිටත් ලබා දෙන බැවින් මෙය සුවිශේෂි කරුණක් ලෙස සැලකීමට නොහැකි බවය.

"ස්වාමීනී...ඇයගේ හෘදයේ ධමනියක කැල්සියම් බැඳීමක් ගැන සඳහන් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඇය ඉන්නේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ. බන්ධනාගාරයේ නෙවෙයි. ඇයට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. ඒ නිසා ඇයගේ රෝගී තත්ත්වය මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණක් හැටියට සලකන්න බැහැ. මොකද වෛද්‍යවරු මේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා ඇයව ප්‍රවාහනය කිරීම නුසුදුසු බව. එසේ නම් ඇයට ඇප දුන්නත් ගෙදර යන්න බැහැ. " එම නිසා අදාළ කරුණ සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකියි"

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියාසිටියේ, අසනීප තත්ත්වයකින් ජීවිතයට අනතුරක් සිදුවන බව දක්වා තිබේ නම් එය සුවිශේෂී කරුණක් ලෙස නොසලකා සිටිය නොහැකි බවය.

"මෙම සැකකාරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා දෙකක් අධිකරණයට ලැබී තිබෙනවා. එහි වෛද්‍ය මණ්ඩලය දක්වා තිබෙනවා මෙම සැකකාරියගේ ධමනිවල රුධිර අවහිරවීම් දකින්නට තිබෙන බවට. එය දිගුකාලීනව පැවතියහොත් සිදුවිය හැකි දේ පිළිබඳවත් කරුණු දක්වා තිබෙනවා. මෙම සැකකාරියට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ යටතේ ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. සුවිශේෂී කරුණු මොනවාද යන්න නීතියේ සඳහන් වෙලා නැහැ. ඒවා ඒ ඒ නඩුවේ අන්තර්ගත කරුණු මත සුවිශේෂී තත්ත්වයන් උද්ගත විය හැකි බව උපරිමාධිකරණ තීන්දුවල සඳහන් වෙනවා. යම් අසනීප තත්ත්වයකින් ජීවිතයට අනතුරක් සිදුවන බව දක්වා තිබේ නම් එය සුවිශේෂී කරුණක් ලෙස නොසලකා සිටිය නොහැකියි."

ඒ අනුව මෙම සැකකාරියට පවතින රෝගී තත්ත්වයන් සුවිශේෂී කරුණු ලෙස අධිකරණය පිළිගන්නා බවත් ඒ අනුව ඇය ඇපමත මුදාහරිණ බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...