
ජාවාරකම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 125ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පෙරියපාඩු වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීය.
එම ප්රදේශයේ තිබූ සැකකටයුතු උර තුනක් අද (16) පෙරවරුවේ නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.



















































