
යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුළු ප්රදේශ කිහිපයකට එල්ල වූ රුසියානු ප්රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
රුසියාව විසින් එල්ල කළ මිසයිල හා ඩ්රෝන ප්රහාර හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
ප්රහාරවලින් ගොඩනැගිලි රැසකට මෙන්ම විදුලි සැපයුම් පද්ධතිවලට ද හානි සිදුව ඇති බව සඳහන්.
මේ හේතුවෙන් නිවාස 370,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.



















































