
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධයට අදාළව අත්අඩංගුවට ගත් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට අද (16) කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගය කළේය.
ඒ, කොටුව පොලීසිය විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
රජයේ සේවකයෙක්ට සාපරාධී බලහත්කාරය පෑම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පුද්ගලයාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදහරින ලෙසට මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී.
නිසි බලපත්රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීම යන චෝදනා එල්ල වූ සෙසු දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපය මත නිදහස් කර ඇත.



















































