
මධ්යම කඳුකර ප්රදේශය ආශ්රිතව මේ වන විට පවතින අධික වර්ෂාව හමුවේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් අද (16) නැවතත් සොදාගෙන ගොස් තිබේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයද අවහිර වී ඇති අතර දුම්රිය සේවකයින් විසින් එම අවහිරතාව සිදුව ඇති ස්ථානය වෙත ගොස් පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවද සඳහන් වේ.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කඳු සොදාගෙන දුම්රිය මාර්ගයට පැමිණි තෙවන අවස්ථාවද මෙය බවද වාර්තා වේ.



















































