header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය සහ මහල් නිවාස ව්‍යාපෘති පිළිබඳව CoPF අවධානය
කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය සහ මහල් නිවාස ව්‍යාපෘති පිළිබඳව CoPF අවධානය
Mobitel 1278

කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබාදී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ ඊට අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව අවධානය යොමු වී ඇත.

කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දී තිබේ.

තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් හයක් බදු දීම සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද නිලධාරීන් සඳහන් කර ඇත. එමෙන්ම, රජයට අයත් ඉඩම් කොටස් හතරක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව මෙහිදී අනාවරණය වී තිබේ.

මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බව ද නිලධාරීන් පැහැදිලි කර ඇත.

අදාළ ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, ඒවායේ සාමාන්‍ය වටිනාකම වර්ග මීටරයකට ඇමෙරිකානු ඩොලර් 3,000ක් වන බව ද කාරක සභාව හමුවේ සඳහන් වී තිබේ. එමෙන්ම, සමස්ත කල්බදු මුදලින් සියයට එකකට සමාන රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව ද නිලධාරීන් පෙන්වා දී ඇත.

මේ අතර, වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක නියාමන ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

විදේශීය ශ්‍රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත. කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින්, එම පිරිසගේ කටයුතු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමේ හැකියාව පිළිබඳව කාරක සභාව විමසා බලා තිබේ.

වරාය නගරය තුළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නියාමන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.

මහල් නිවාස සහ නේවාසික ව්‍යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයන්ගෙන් ලබාගන්නා පූර්ව ගෙවීම්වල (Pre-Sale Deposits) ආරක්ෂාව සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කර තිබේ.

විශේෂයෙන්ම, විදේශීය ආයෝජකයන්ගෙන් ලබාගන්නා එම මුදල් අදාළ ව්‍යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක එස්ක්‍රෝ (Escrow) ගිණුම් ක්‍රමවේදය පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

තවද, වරාය නගරයට සැබෑ ලෙස ලැබී ඇති විදේශීය ආයෝජන ප්‍රමාණය, අනුමත ව්‍යාපාරවල වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඒවා හරහා අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය වී තිබේද යන්න පිළිබඳව ද කාරක සභාව කරුණු විමසා බලා තිබේ.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට