
මනුෂ්ය ඝාතනයකට අවශ්ය කර සිටි සැකකරුවෙකු ඉංගිරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 11 වැනිදා ඉංගිරිය, හඳපාංගොඩ ප්රදේශයේදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසියෙන් ලද පැමිණිල්ලක් මත ඉංගිරිය පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (14) උදෑසන ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 45 හැවිරිදි කිරිගල, හඳපාංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඉංගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















































