
සෞදි අරාබියේ නගර කිහිපයක් ඉලක්ක කර යේමනයේ හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්රහාර එල්ල කර තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, සෞදි ආරක්ෂක අංශ විසින් එම මිසයිල අතුරින් කිහිපයක් ගුවනේදීම විනාශ කර ඇති බවය.
එහිදී මිසයිල කොටස් වැටීමෙන් රියාද් නගරයේ පුද්ගලයින් සිව්දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති අතර, ධහ්රාන් ප්රදේශයට ද මිසයිල කොටස් පතිත වී තිබේ.
එමෙන්ම, සනා නගරයේ පිහිටි තෙල් ගබඩාවක් ආසන්න ප්රදේශයෙන් ඉවත් වී ආරක්ෂිතව සිටින ලෙස හූති පාර්ශ්වය සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ.



















































