
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී.
දිවයිනේ බස්නාහිර, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්රදේශවලට ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.



















































