
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති තවත් නඩුවක් අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් බෙදාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා පරිහරණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.
නඩු විභාගයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි බදුල්ල රාජ්‍ය බැංක ශාඛාවක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත.
අනතුරුව එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ලබන නොවැම්බර් 04 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.



















































