
ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට ගැළපෙන, ගුණාත්මක හා ඵලදායී ඉංජිනේරු අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් මෙම විශේෂඥ කමිටුව පත් කර ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන සහ ඉංජිනේරු ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් හා වෘත්තිකයන් ඇතුළත් වේ.
කමිටු සභාපති
1. මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා – උපකුලපති, මොරටුව විශ්වවිද්‍යාලය.
කමිටු සාමාජිකයන්
2. මහාචාර්ය බී. ජී. එල්. ටී. සමරනායක මහතා – පීඨාධිපති, ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
3. මහාචාර්ය කේ. ජී. සී. සේනාරත්න මහතා – පීඨාධිපති, තාක්ෂණික අධ්‍යයන පීඨය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.
4. මහාචාර්ය එන්. ප්‍රතීෂ් මහතා – අංශ ප්‍රධානී, බහුවිධ අධ්‍යයන අංශය, තාක්ෂණ පීඨය, නැගෙනහිර විශ්වවිද්‍යාලය.
5. මහාචාර්ය සුධීර ද සිල්වා මහතා – සිවිල් හා පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය.
6. මහාචාර්ය ජේ. පී. කරුණාදාස මහතා – විදුලි, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය.
7. මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා – රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්වවිද්‍යාලය.
8. මහාචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
9. මහාචාර්ය බාලචන්ද්‍රන් කතීෂන් මහතා – සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, යාපනය විශ්වවිද්‍යාලය.
10. මහාචාර්ය එම්. සී. එම්. නස්වි මහතා – සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
11. මහාචාර්ය කේ. ජී. එන්. නානායක්කාර මහත්මිය – සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
12. ආචාර්ය ඒ. යූ. වී. බී. බුලත්සිංහල මහතා – සිවිල් ඉංජිනේරු තාක්ෂණ අංශය, තාක්ෂණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය (ITUM).
13. ආචාර්ය චිත්‍රාල් අඹවත්ත මහතා – පීඨාධිපති, ඉංජිනේරු පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය.
14. ඉංජිනේරු විජිත වීරතුංග මහතා – සභාපති, වෘත්තීය පුහුණු අධිකාරිය (VTA).
15. ආචාර්ය ජනක ජයලත් මහතා – අධ්‍යක්ෂ, ප්‍රවේශ, ප්‍රතීතන හා තත්ත්ව සහතික අංශය (AAQA), වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC).
16. ආචාර්ය ජී. බී. සකුරා මහත්මිය – සිවිල් හා පාරිසරික තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, තාක්ෂණ පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
17. ඩී. ආර්. බී. කේ. කේ. වීරසේකර මහතා – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE), ලබුදූව.
18. ජයන්තන් ගුණරාජා මහතා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (හිටපු අංශ ප්‍රධානී), ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE), යාපනය.
19. ආචාර්ය ආර්. ආර්. එම්. එස්. කේ. රණතුංග මහතා – සභාපති, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව.
20. ඉංජිනේරු එම්. එම්. එස්. මොරමඩ මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධනය පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික.
21. ඉංජිනේරු ලසන්ත මහේෂ් සමරනායක මහතා – උපදේශක ඉංජිනේරු.
22. ඉංජිනේරු ජී. ආර්. ඒ. එස්. ගුණතිලක මහතා – මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ හිටපු සාමාන්‍යාධිකාරී.
23. ඉංජිනේරු නාමලි සියඹලාපිටිය මහත්මිය – මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සැලසුම් අධ්‍යක්ෂ.
24. ඉහාන් ගමගේ මහතා – ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු.
25. කෞෂල්‍ය ඒකනායක මහතා – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති.
කමිටු කැඳවුම්කරු
26. ඩබ්ලිව්. ආර්. පී. යූ. නුවන්ති මහත්මිය – සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
මෙම විශේෂඥ කමිටුවේ ප්‍රධාන වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ජාතික සංවර්ධන අවශ්‍යතා සමඟ ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමයි.



















































