
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, තරුණ තරුණියන් සමඟ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ විශේෂ සංවාදයකට සහභාගී වී තිබේ.
කොළඹ ඩී සේරම් හවුස්හිදී ඊයේ (11) මෙම සංවාදය පවත්වා ඇත.
UNICEF ශ්‍රී ලංකා කාර්යාලය සහ MHPSS.net ආයතනය, තරුණ උපදේශක ජාලය (Youth Advisory Network – YAN) සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියන් මෙයට සහභාගී වූ අතර, ඔවුන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය අභියෝග, පීඩනකාරී තත්ත්වයන් සහ සහාය ලබාගැනීමේදී මතුවන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සමඟ විවෘතව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වෙනුවෙන් තරුණ උපදේශක ජාලය විසින් සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක කරන මෙම පොඩ්කාස්ට් මාලාව පිළිබඳව සහභාගී පිරිස විසින් අගමැතිවරිය දැනුම්ත් කර ඇත.
මානසික සෞඛ්‍ය ගැටලු අවබෝධ කර ගැනීමට සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි සම්පත් සැපයීම මෙහි අරමුණ බව සඳහන් වේ.
පාසල්, පවුල් සහ ප්‍රජාවන් තුළ මානසික සෞඛ්‍යය පිළිබඳව විවෘතව කතා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ එම දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේදී තරුණ ප්‍රජාවගේ කාර්යභාරය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිත එමා බ්‍රිග්හැම් මහත්මිය, MHPSS.net ආයතනයේ නියෝජිතයන් සහ තරුණ උපදේශක ජාලයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















































