
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක්, මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ එම ගිනි අවියට භාවිත කරන ජීව උණ්ඩ දෙකක් සමග අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඊයේ (11) කොස්ගොඩ, පැලෑගස්පළාත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ, පැලෑගස්පළාත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කොස්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.



















































