
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
එහිදි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ සන්නද්ධ ක්‍රියාකරුවෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
සටන් විරාම ගිවිසුමක් උල්ලංඝනය කරමින් හමාස් සංවිධානය නැවත අවිආයුධ සන්නද්ධ කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක සිටින බව ඊශ්‍රායලය පවසයි.



















































