
භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර කළ තවත් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටියේදී පදිංචිකරුවෙකු වන 25 හැවිරිදි සැකකරු වාණිජ බැංකු හරහා 'TT' (Telegraphic Transfers) ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් රටින් බැහැරකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සැකකරු මෙරට තුළ සමාගම් 6ක් නමින් විදේශීය සමාගම් වෙතින් භාණ්ඩ ඇණවුම් කරන බව පෙන්වමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇත.
2024 ජනවාරි මාසයේ සිට 2025 ජූලි මාසය දක්වා වූ කාලය තුළ මෙම මුදල් විදේශගත කර ඇති අතර, එම ගනුදෙනුවලට අදාළව කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.





















































