
ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
එහිදී ඇස් පරික්ෂාවට ලක් වූ සිසුන් 316ක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 17වෙනිදා එම විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය.





















































