
ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල්වී ඇති බව ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු පවසයි.
ඓතිහාසික ඉන්දීය - යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ වෙළඳ සහ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ මෙම අවස්ථා විවරවී ඇති බව ඇය පෙන්වා දෙයි.
එහිදී ජනාධිපතිනිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය අතර ඉතා සමීප හා සුහදශීලී සබඳතාවක් පවතින බවය.
එමෙන්ම, පිරිසිදු හා හරිත තාක්ෂණය මෙන්ම කෘතිම බුද්ධිය (AI) වැනි අලුතින් නැගී එන ක්ෂේත්‍රයන්වලද පවතින ආයෝජන අවස්ථා කෙරෙහි දෙරටේ අවධානය යොමු කළ හැකි බව ඉන්දීය ජනාධිපතිනිය පවසයි.
ස්විට්සර්ලන්ත ජනාධිපති නවදිල්ලි නුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු සාදරයෙන් පිළිගනිමින් ජනාධිපතිනිය මේ බව පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද ඉන්දීය ජනාධිපතිනිය එහිදී පියවර ගෙන තිබේ.





















































