
මෙම වසරේ පළමු මාස නවය තුළ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් 211,666 දෙනෙකු රැකියා සඳහා විදේශගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඉන් 141,916 දෙනෙකු ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා ගොස් ඇති අතර, 69,750 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන හරහා විදේශගතවී තිබේ.
විදේශගත වූ ශ්‍රමිකයන් අතර පිරිමි ශ්‍රමිකයන් 134,761 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයන් 76,905 දෙනෙකු සිටින බවද කාර්යාංශය සඳහන් කරයි.
එමෙන්ම, විදේශගත වූ ශ්‍රමිකයන්ගෙන් 108,343 දෙනෙකු වෘත්තීය ශ්‍රමිකයන් වීමද විශේෂත්වයකි.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදේශගතවී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,752කි.
තවද, 2026 වසරේ පළමු මාස අට තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.





















































